පාසලක දඩබ්බර කොල්ලෙක් සිටියේය. කොල්ලා පන්තියේ
ටීචර් කියන දෙය තියා ගෙදර දෙමව්පියෝ කියන දෙය වත් නොඇසුවේය. කොල්ලා යහ මඟට ගැනීමට
ටීචර් කළේ කොල්ලාගේ ගෙදරින් දෙමාපියන් පාසලට කැඳවීමය. එහෙත් කොල්ලා ගණනකට ගත්තෙ
නැතිය. මන්ද ගෙදරන්ද රිඇක්ෂන් එකක් නැති නිසාය. කොල්ලා කැමති ලෙසට දඩබ්බර වන්නේය.
දිනක් පාසලට සිගරට් එකක් රැගෙන විත් කොල්ලා ටීචර්ට අසුවන්නේය. නඩුව නවතින්නේ ප්‍රින්සිපල්
හෙවත් ඉස්කෝලෙ ලොකු මහත්තයා ලඟින්ය. කොල්ලාගේ හිස්ට්‍රිය නොදත් සර් කොල්ලාගේ
දෙමාපියන් කැඳවන්නේය. නැවතත් පරණ සීන් එකමය. දෙමාපින්ට තරවටුකර, කොල්ලාට තරවටු කොට
වැඩේ අවසන් වන්නේය.
පසුදා උදේ සර් පාසලට එන්නේය. මඟදී සර්ට හූ පාරක්
ඇසෙන්නේය. වටපිට බලන විට කොල්ලා තම දකුණතේ මැඳ ඇඟිල්ල උලුක්කොට සර්ට පෙන්නමින් හූ
කියන්නේය. සර්ට මල කරේය. පාසලට පැමිණ කොල්ලාට දොස් කියන්නේ තමන්ට පරිභව කළ නිසාත්
ගුරුවරුන්ට ඇතිවිය යුතු ගෞරවය නොදැක්වීම නිසාත්ය. පසුදිනත් දෙමාපියන් පාසලේය.
කොල්ලා දෙමාපියන් ඉදිරියේ සර්ගෙන් සමාව ගන්නේ නැවත ගුරුවරුන්ට අපහාස නොකරන බව
කියමින්ය. වැඩේ අහවරය. කොල්ලා පසුදාද සිගරට් එකක් ගෙනැවිත් ටොයිලට් එකේ හුණු
කූරකින් රූප අඳිමින් උරන්නේය. ලොකු සර් කොල්ලා දකින දකින තැන කියන්නේ අර ලමයා දැන්
හැදිලා කියාය. සමාව ගත් තැනදී කොල්ලා හොද වන්නේය. ඌට වෙනම මූණක් පැළදෙන්නේය.
රටේ ලොකු සර් දකිනා නොදකිනා තැනකදී, රටේ දෙවෙනි
සර් කුඩු ලොරි පිටින් රැගෙන එන්නේය. මෙය රටේ පාලනයට සම්බන්ධ පුජ්‍ය පක්ෂයක්
දකින්නේය. වැඩේ රටටම ප්‍රසිද්ධ කොට දෙවෙනි සර්ව පච කරන්නේය. ලොකු සර් නඩුව
කැඳවන්නේය. පසුදා දෙවෙනි සර් පූජ්‍ය පක්ෂයට විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන්නේය. උක්ත
පක්ෂයට මල පනින්නේය. කළ ප්‍රකාශයට සමාව ගන්නා මෙන් ඉල්ලමින් ප්‍රකාශද, වන්දිද
ඉල්ලන්නේය. දෙවෙනි පක්ෂය සද්ද නැතිය. සරලම දෙයක කළ හැකිය. එනම් පාසලේ කොල්ලා මෙන්
සමාව අරන් පැත්තකට වීමය. එවිට කතාව සැඟව යන්නේය. දෙවෙනි සර් හොඳ වන්නේය. වරද
පෙන්වා දුන් පූජ්‍ය පක්ෂය හොඳවන්නේය. එසේම ලොකුම ලොකු සර් වීරයා වන්නේය. චැප්ටර්
ක්ලෝස්ය.
නමුත් හෙට නැවතත් කුඩු ලොරියක් එන්නේය. දෙවෙනි
සර් එය කොල්ලන් අතරේ බෙදා හරින්නේය. සැප ගන්නා උන් කුඩ්ඩ ගසා බිත්ති දිගේ
පාවෙන්නේය. ලොකු සර්ද, ලොකු සර් සුරකින වැරදි පෙන්වා දෙන ඇත්තෝද බිත්තිය මුදුනේ
සිට සියල්ල බලා සිටින්නෝය. අරුන් බිත්ති දිගේ නැග්ගේ කුඩු ගැසීමෙන්ය. මුන් බිත්තිය
මුදුනේ සිටින්නේ කුඩු විකුණලාය. අවීචි මහානරකාදියේ සැට් එකම කක්කා වලක බැස උඩ යට
මාරුවී සිටින දින එළැඹෙන්නේ මේ භවයේදීද, ඊලඟ භවයේදීද කියා අප බලා සිටින්නේය.
එකෙක් දෙන්නෙක් ඕව්ව කතා කරල වැඩක් නෑ බන්, නඩුත් උන්ගෙ බඩුත් උන්ගෙ...හොදම දේ අපේ දේ අපි බලන් අපි හැදෙන එක :D
ReplyDeleteරට ගැන දුක හිතිල,පාලකයො ගැන කලකිරිල ඉන්නෙ බං.විශ්වාසනීය වෙනසක් අවශ්‍යමයි.
ReplyDeleteසමාව ඉල්ලනකොට ලැබෙනවනං මොකටද බං වැරදි කරන්න බය වෙන්නෙ.. කලා,, සමාව ගත්තා :)
ReplyDeleteමේවා ගැන ට්‍රිපල් නෙල්සන් නෙමෙයි ඊට වඩා ලිවුවත් ප්‍රයෝජනයක් තියෙනවද කියන එක සැකයි සැමෝ...
ReplyDeleteලොක්කාව අයින් කරමුද????
ReplyDeleteඅලුත් ලොක්කෙක්ව ගත්ෙතාත් උන්දත් මෙහෙම වෙයිද???
එහෙනම් අපි ඇමරිකාවෙන් කාට හරි එන්න කියමු...
දෙවැනි සර්ව සෙමිනා එහෙකට විදේශ සංචාරයක් ලබාදෙමු. :D