ඉස්සර ලිව්වේ දිග හෑලිය. දැන් මිනිස්සු පට්ට
බිසීය. වැඩක් ඇති නිසා නොවේය. එහෙත් වැඩකට නැති වැඩ වලින් කාර්යය බහුල වෙලාය. මිනිස්සු
නිවුස් බලන්නේද නැතිය. බලන්නේ හෙඩ්ලයින් පමණක්ය. පත්තරය ගන්නේද කියවන්නට නොව
හෙඩ්ලයින් බලා බත් ඔතන්නටය. ඒ නිසා දුවන ගමන් කියවන්නට දෙයක් ලිවිය යුතුය. එස්එම්එස්
වගේ ලිපි දැන් වැඳගත් බව හැඟුනේ ඒ නිසාය.
මා මුලින්ම සිතුවේ නෙල්සන් ලෙස අඩවියක් පටන්
ගන්නටය. එහෙත් නිකමට කතාවක් ලියා ගණන් බලන විට එය නෙල්සන් පන්නලාය. නෙල්සන්
මැන්ඩලා පවා වයස පන්නා ලොවෙන් සමුගත්තේය. ඒ නිසා නෙල්සන්ලා තෙගුණයක තරම් වත්
පෝස්ටුවක් දැමිය යුතු නිසා, ත්‍රිපල් නෙල්සන් ආරම්භ කළෙමි. යමක් සැකෙවින්,
රිදෙන්නට කියන්නට ත්‍රිපල් නෙල්සන් ප්‍රමාණවත් යැයි සිතන්නෙමි. එය මඳි යැයි හැඟෙන
යම් කෙනෙක් සිටිත් නම් එක පෝස්ට් එක දෙවරක් කියවා 666ක ප්‍රමාණයක් වූ ලිපියක්
කියවූ සැප ලැබිය හැකිය.
ඉස්කෝලෙ යන කාලේ අපිට දුන්නේ වචන සීයක, එකසිය
පනහක, දෙසීයක ප්‍රමාණයේ රචනා ලියන්නටය. එවිට අපේ හැම එකාම පාහේ කරන්නේ ජේදයෙන්
ජේදයට අකුරු ගණනය කිරීමය. මට ඒ කාලේ සිටම එහෙම අවුලක් නැතිය. ලියන්නට ගියාම වැල්
වටාරම් සහිතව හෝ රහිතව එක දිගට ලියාගෙන යා හැකිය. ඒ කාලේ ගණනය නොකරපු දැ දැන් ගණනය
කරන්නට වී ඇත්තේය. ඒ තරමට ආර්ථිකය පවා අපහසුය. දැන් ලිපි පවා ගණනට නූලට කිරා මැන
බලා දිය යුතුය. ඒ නිසාම ලිපියක් වචන 333කට සීමා වන්නේය. සිංහල භාෂාවේ වචන එකට
ලිවීම්, වචන දෙකකට කැඩීම් අදිය හරියට අත්හදා බැලිය යුතු කාලයක් එළැබ ඇත්තේය.
ඒ නිසා සීමාව ඉක්මවා ලිවීම හෝ කරුණු අඩු කොට ලිවීම අතැර වචන තුන්සියතිස්තුනක (තනි
වචනයක් ලෙසට ලියුවෙමි) සීමාවක් තුල කරනම් ගැසීමට සිතා ගත්තෙමි.
කිසිම අදහසක් නොමැතිව, එක පාරටම සිතේ ජනිත
වන්නාවූ දේ කිරීමට යාමෙන් කෙළවූ ජීවීන් සහිත සමාජයක උදේ පාන්දර සිතට ආ දෙයක් මෙසේ
ක්‍රියාවට නැංවෙන්නේය. මොනවා වුණත්, මා සීමාවේ ජීවත් වන්නෙමි. සීමාව පැන ගොස්
විනාස වන්නට නොහැක. කෙමෙන්ට් දැමීමේදීද වචන 333 සීමාව නොපැන්නවීමට ඔබත් කාරුණික වන
මෙන් ඉල්ල සිටින්නෙමි. නැතහොත් ඔබේ කමෙන්ටුව පෝස්ට් එකක් වී මගේ ලිපිය කමෙන්ට්
එකක් වන තත්වයට වැටෙන්නේය.
සාධාරණ තර්කය, තාත්වික ගහ මරා ගැනිල්ල, නව
නිර්මාණ බිහිකරන යුගයක් ආරම්භ කරන බව (සෑ)මා එදාත් විශ්වාස කළේය. අදත්, හෙටත්
විශ්වාස කරන්නේය. තර්කයට, විනාසයට මුල්වන්නාවූ ලිපි ලිවිල්ලක ආරම්භය මෙසේ 333ක
සීමාවක් වටා බිහිවන බව මතක තබා ගන්න.
ඔන්න පලවෙනි කමෙන්ටුව මගෙන් :)
ReplyDeleteමේ බ්ලොගත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා අයියේ :)
ස්තුති සසිඳු !
Deleteසෑමා නියම නියම සුභ පැතුම් සහෝ ... දිගටම ලියපන්
ReplyDeleteස්තුති ශානක !
Deleteවචන දෙතුන් සීයක් විතරක් හරි ලියන්ඩ පවුලගෙන් ලයින්සන් හදා ගත්ත එකට සන්තෝසයි මචං , මොනවා කරන්ඩද මෙහෙම හරි ලියමු , ටික ටික බලහං ඔය පවුලගේ අත් අඩංගුවෙන් මිදෙන්ඩ , බලහං උඹට වෙච්ච දේ ඉස්සර මාගල් වාගේ එව්වා ලියාපු උඹට ගෑණිට බයේ මේ හුංජං කැලි ලියන්න උනානේ , එක්කෝ ගහලා බැනල හදාගනින් , නැත්තං වහ ටිකක් කාහං
Deletehttp://atampahura.blogspot.com/2014/01/not-so-famous-facts-of-famous-blogger.html?showComment=1389195812620#c4836970565836029748
Deleteදෙයියනේ කියල අලුතෙන් වැඩක් පටන් ගත්තම මඩක් ගහන්න එපා බන් :D
Deleteදැන ගනින් අටමා.. දැන් දෙකයි.. ඉස්සර එකයි..
Deleteඅටමට සෑම් එක්ක අනිවා පරණ තරහක් තියනවා
Deleteela elazz
ReplyDeleteThankuu
Deleteලියහන්කෝ බලන්න මේකත්....
ReplyDeleteජයවේවා....!!!
ස්තුති !
Deleteඑකම මනුස්සයාගේ බ්ලොග් දෙකක් කියවිමද කාර්ය බහුල ජනයාට මෙව්ව එකක්ය;.. මම කාර්ය බහුල නැති නිසා අවුලක් නැතිය
ReplyDeleteඅලුත් බ්ලොගේට ජය!!
Deleteහිකිස්.. බ්ලොග් නම් කීයක්ද බං.. ලිපි වැටෙන්නෙ නැහැනෙ ඒ තරමට..
Deleteස්තුති !
ජයවේවා ඈ ෆලොව් එකක් නැතෙයි
ReplyDeleteදාල බොල තිබ්බේ...
Deleteස්තුති !
සෑමාට දැන් සීමා මායිමි පැන වී ඇති වග අටමාගේ ලිපියෙන් අපි දැනගත්තෙමු. ඉතිං ඒ සීමාවේ ම හිරවෙලා සිට මේකත් ලියමු. සෑමාට ජය.
ReplyDeleteඒකත් සාධාරණ තර්කයක් නලින් අයියා..
Deleteදැන් 333න් ගේම ගහන්න හදන්නෙ... :))
ඈ බං සෑමො මොකෝ බං මේ?
ReplyDeleteඅනේ මන්ද බං..
Deleteඅලුත් බ්ලොගෙට සුභ පැතුම් සෑම්.
ReplyDeleteඉස්තුතී !
Deleteඅළුත් බ්ලොගට ජය!
ReplyDeleteඉස්ටූටී !
Deleteසෑමගෙන් සැබෑ වෙනසක්.. එල එල.. දිගටම ලියමුකො එහෙනම්.. සුභ පැතුම් වේවා..
ReplyDeleteස්තුති !
Deleteඋඹගේ ට්රිපලට ජයවේවා !!! කොහොම හරි ලියන එකත් මදැයි.
ReplyDeleteහිකිස්.. සුදීකයත් අටමා වගේ වෙලා.. ඉස්සර එක බ්ලොගයි ලිව්වේ.. දැන් දෙකයි..:)
Deleteඅලුතින් බොග් කරනයට පිවිසි නවක බොග් කරුව සාදරයෙන් ගොඩක් පරන බොග් කරුවෙක් විඩිහට පිලිගන්නවා ඔන්න
ReplyDeleteස්තුති ජේෂ්ඨ උත්තමයනි.. !!
Deleteඔන්න මාත් මේ අලුත් බොග පස්සෙන් වැටුනා.....දිගටම කරන් යන්න සුභ පැතුම්........!!!!
ReplyDelete